ස්පාඤ්ඤ මැතිවරණයෙන් සමාජවාදී පක්ෂයට ජය

(කොළඹ, ලංකාපුවත්) – ස්පාඤ්ඤ මහ මැතිවරණයෙන් පාලක සමාජවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

නමුත්, ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වසර හතරක් තුළදී ස්පාඤ්ඤයේ පැවැත්වු තුන් වන මහ මැතිවරණය මෙය වේ.

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයෙන් අගමැති පෙඩිරෝ සැන්චෙස්ගේ පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය 29%කි. ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා ඔවුන්ට තවත් පක්ෂයක සහය ලබාගැනීමට සිදුවනු ඇත.

අසමානතාව හා දූෂණය පිටුදැකීම තම පක්ෂය මුහුණ දෙන ප්‍රධානම අභියෝගය අතර වන බව මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා සදහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *