අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම අද සිට තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබේ.

මෙහිදී අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරනය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තවදුරටත් පැහැදිළි කර තිබේ.

මෙරට ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *