යාපනයේ භූගත බංකරයක් – පොලීසිය පරීක්ෂණ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –යාපනය ප්‍රදේශයෙන් සොයාගන්නා ලද භුගත බංකරය ගැන ආරක්ෂක අංශ විසින් මේ වන පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය නිලධාරින් සහ පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමක දී මෙම බංකරය සොයාගනු ලැබිණ.

මෙම බංකරය තෙමහල් නිවසක පොළොව අභ්‍යන්තරයේ සකසා තිබිණ.අදාළ බංකරය මීටර් 25ක් පමණ උසකින් සමන්විත වන අතර පළල අඩි 5ක් ලෙස සකස් කර තිබේ.මෙය තහඩුවලින් ආවරණය කළ ආරක්ෂිත දොරක් යොදවා තිබු බවත්, බංකරය තුළට විදුලිය ලබා දී තිබු බව ද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යමින් පවතී. අදාළ නිවසේ ව්‍යාපාරිකයා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වනවිට නිවසින් පිටව ගොස් ඇති බව ද සඳහන්ය. මෙම ව්‍යාපාරිකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර දැනට අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *