කේරළයේ ප්‍රහාරයකට සැරසුනු සහරාන්ගේ අනුගාමිකයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට සැලසුම් කළ අයිඑස් සංවිධානයට අනුබද්ධව ක්‍රියා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි හින්දුස්ථාන ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

29 හැවිරිදි රියාස් අබුබකර් ලෙස හැඳින්වෙන ඔහු කේරළයේ පලක්කාඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන් වේ.

ඉකුත් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සැලසුම් කළ සහරාන් හෂීම් සමග ඔහු සබඳතා පැවැත්වූ බව, ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇතැයි ද වාර්තාවේ.

වසරක පමණ කාලයක සිට මොහු සහරාන් සමඟ සබඳතා පවත්වා ඇති අතර අන්තවාදියෙකු වූ ශකීර් නායික්ගේ හා සහරාන්ග් අදහස් අධ්‍යනය කර තිබේ.

මේ අතර, කේරළ ප්‍රාන්තයේ සිදු කිරීමට නියමිතව තිබූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කරුණු රැසක් සොයා ගත් බව, ඉන්දීය ආරක්ෂක අංශ පවසයි. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *