සමාජ මාධ්‍ය තහනම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –මෙතක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට තිබූ බාධා ඉවත් කරන ලෙස ජනපතිගෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

පාස්කු ඉරුදින සිදුවූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ බාධාව ඒ අනුව ඉවත් කෙරෙනු ඇත.

මෙහි බාධාව ඉවත් කළ ද රට තුළ පවතින තත්වය අනූව මෙම සමාජ මාධ්‍ය භාවිතයේ දී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − three =