ආරක්ෂක පියවර මැද ඉරුදින දිව්‍ය පූජාව 05වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – ඉරුදින දිව්‍ය පූජා 05 වැනිදා සිට රට පුරා දේවස්ථානවල ආරක්ෂක පියවර මධ්‍යයේ පැවැත්වීමට කටයුතු කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී ඊයේ ( 29) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.

දිනකට දිව්‍ය පූජාවන් කිහිපයක් පවත්වන දේවස්ථානවල සීමිත දිව්‍ය පූජාවන් මාලාවක් ඔස්සේ එය සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයෙන් ආරක්ෂාව ද අපි ඉල්ලා තිබෙනවා.

ආරක්ෂක පියවර සමඟින් ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා පොලීසිය සහාය දෙන බව පැවසුවා.

ඊට අමතරව දේවස්ථානවලට අදාළව ස්වේච්ඡා කමිටු පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා දේවස්ථානය වෙත පැමිණෙන සියලු දෙනා හඳුනාගැනීමේ යම් පහසුවක් ලබා ගැනීමට හැකියි.

දේවස්ථාන ආශ්‍රිතව දැඩි පරීක්ෂා කිරීමෙන් ඒ අවට යම් පාර්සලකයක් හෝ සැකසහිත යමක් තිබේද යන්න තහවුරු කර ගැනීමට කටයුතු කරනවා. එදින දිව්‍ය පූජාව සඳහා සහභාගී වන අයට ද කිසිදු බෑගයක් හො පාර්සලයක් දේවස්ථානයට රැගෙන යාමට අවස්ථාව නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *