ත්‍රස්තක්‍රියා මර්දනයට නවසීලන්තයේ සහයෝගය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ඉලක්ක කර ගනිමින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සහ සැන්ඩියාගෝ හී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය නවසීලන්ත පාර්ලිමේන්තුවේදී හෙලා දැක තිබේ.

අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය ප‍්‍රකාශයක් කරමින් ත‍්‍රස්ත ප‍්‍රහාර හෙළා දැක ඇති බව නවසීලන්ත ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර ඇත.

සති දෙකක කාලයකින් පසු අද(30) දින යළි පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී අගමැතිවරිය විශේෂ ප්‍රකාශයක් කරමින් මෙලෙස මෙම ප්‍රහාර හෙළා දැක ඇතැයි සදහන් වේ.

ඒ අනුව මෙම ප්‍රහාරවලින් පීඩාවට පත් වූ ජනතාවට නවසීලන්ත රජයේ ශෝකය පළකරන ලදි.

මෙම ප්‍රහාර පසුගිය මාර්තු මස 15 වනදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර ආගමික ස්ථානයක සිදුවූ ප්‍රහාරයට සමාන බවද අගමැතිවරිය පෙන්වා දෙන ලදි. ක්‍රයිස්චර්ච් සිද්ධියෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය කිරීම වෙනුවෙන් නවසීලන්ත රජය ශ්‍රී ලංකාව සමඟ මේ මොහොතේ බැඳී සිටින බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *