ආරක්‍ෂක කටයුතු සදහා සිවිල් ආරක්ෂක භටයින් 20,000ක්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආරක්ෂක කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක් පමණ අනුයුක්ත කිරීමට නියමිතව ඇත.

මෙයින් පාසල්, ආගමික ස්ථාන සහ පොදු ස්ථානවල ආරක්ෂාවට ඔවුන් යෙදවීමට නියමිත බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු භටයින් 35,000ක් සිටින අතර එම දෙපාර්තමේන්තුවේ සිටින පුහුණු භටයින් 4,000ක් පමණ කොළඹ නගරය ආශ්‍රිතව රාජකාරිවල නිරතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *