ජාතික තවුහිද් ජමාත් කොළඹ සංවිධායක 07 වැනිදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – පැය 72ක කාලයක් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 07 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම සැකකරු අද (02) කෙසෙල් වත්ත පොලීසිය මඟින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියට පමුණුවනු ලැබීය. මෙහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළි වී ඇති බවයි.

මෙම සැකකරු සතුව තිබී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛන සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ඇති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අවසර ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *