පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නලින් පෙරේරා තැබූ FB සටහන

(කොළඹ, ලංකාපුවත්) – පාස්තු ඉරිදා සිදු වූ ප්‍රහාරය පිළිබඳව ප්‍රවීන ගායන ශිල්පී නලින් පෙරේරා විසින් විශේෂ සටහනත් තම facebook පිටුවෙහි ඵල කර තිබේ.

එමඟන් ඔහු සඳහන් කර ඇත්තේ කිතුණු ආගමික දේවස්තාන ඉලක්ක කරගනිමින් සිදු වූ මෙම ප්‍රහාරයේදී මෙරට බෞද්ධ ජනතාව කිතුණු ආමිකයන්ට කළ උදව් උපකාර සම්බන්ඳවයි.

ඔහු තැබූ සටහන පහතින්.

“ඔවුන් අප සමග එකට හඩා වැලපුණහ…. අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුන්ගේ විහාරස්ථාන වල ඉඩ සලසා දුන්නහ… වෙසක් දන්සැල් වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරිම වෙනුවෙන් පරිත්‍යාග කිරිමටද ඔවුන් සූදානම්ය….. ඔව්, ඒ අපේ සහෝදර බෞද්ධ ජනතාවය….

රටේත්, පොදු ජනයාගේත් ආරක්ෂාව මත මෙවර වෙසක් කලාප පැවත්වීම තහනම් කිරීමට රජය තීරණය කොට ඇත… අපට ශක්තියක් වූ බෞද්ධ ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙසත් ඔවුන්ට අවශ්‍ය මොහොතක ඔවුන් වෙනුවෙන් පෙළගැසීමට කිතුණුවන් වන අපද සූදානම් බව සංකේතවත් කිරීමටත්.. වෙසක් පොහෝ දින අපගේ නිවෙස් වලත් වෙසක් කූඩුවක් එල්ලා හෝ පහනක් දල්වා බුදු රජාණන්වහන්සෙගේ තෙමගුල සැමරීමට සහෝදර බෞද්ධ ජනතාව සමග එකතු වෙමු…!

මෙදා සැරේ වෙසක් කලාප නැති වේවි… නමුත් අපි එකතු වී අපේ නිවෙස් වල එක පහනක් හෝ දල්වා වෙසක් සිරියෙන් මුලු රටම එක වෙසක් කලාපයක් කරමු….“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *