යුද හමුදාව හැර ගිය 5900ක් යළි සේවයට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය තුළ දී මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 5900 දෙනෙකු පමණ යුද හමුදා සේවයට වාර්තා කර තිබේ.

නොදන්වා සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අත්පත්තු මහතා සඳහන් කළේය.

නීති්‍යානුකූල නොවන අයුරින් සේවය හැර ගොස් සිටින යුද හමුදා සමාජිකයින්ට නීත්‍යානුකුළව සේවයෙන් ඉවත් වීමට මෙම පොදු සමා කාලය ලබා දුන්නේ පසුගිය අප්‍රේල් 22වනදා සිටයි.

පොදු සමා කාලය ලබන 10 වන දින දක්වා ක්‍රියාත්මක ය.

මාස 06කට අඩු කාලයක් සේවයට වාර්තා කර නොසිටි යුධ හමුදා සාමාජිකයන්ට යළි සේවයේ පිහිටුවීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද මෙම කාලයේ දී අවධානය යොමු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =