පාසල් හා සරසවිවලට අද සිට දැඩි රැකවල්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා ඇති පාසල් දස දහසකට වැඩි ප්‍රමාණයකත් සියලුම රජයේ සහ රජයේ නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සියලුම පන්සල්වල අද සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායේත් සම්බන්ධතාවෙන් දැවැන්ත ආරක්ෂක සැළසුමක් ක්‍රියාත්මක වෙයි.

ලබන 06 වැනිදින රටේ සියලු පාසල් වල විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු කටයුතු ආරම්භ වන බැවින් එදිනට පෙර මෙම සියලු ස්ථානවල ආරක්ෂාව සම්පුර්ණයෙන්ම තහවුරු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා නව ආරක්ෂක ලේකම්වරයාත් පොලිස්පතිවරයා ඇතුළු නව පත්විම් කිහිපයක් සිදු කරනු ලැබු අවස්ථාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු සියලු ආරක්ෂක ප්‍රධානින් කැදවා විශේෂ උපදෙස් මාලාවක් ඔවුනට ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැම තැනකම කටයුතු ආරම්භ විමට පෙර ආරක්ෂාව තහවුරු කරන ලෙසට උපදෙස් දි ඇත.

බෞද්ධ හින්දු කතෝලික මෙන්ම මුස්ලිම් ආගමික පාසල් ඇතුළු සියලුම පාසල් මෙන් ම විශ්ව විද්‍යාල දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ යෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ආරක්ෂක ප්‍රධානින් අතර විශේෂ කරුණු රැසක් සාකච්ජාවට භාජනය වි තිබු අතර මෙහිදි ජනාධිපතිවරයා විශේෂයෙන් මෙම දරුවන්ගේ ආරක්ෂාවට කිසිම බාධාවක් වන ආකාරයේ සුළු හෝ දෙයක් සිදු විමට ඉඩ නොතබා සියලු ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කර ආරක්ෂාව සම්පුර්ණයෙන්ම තහවුරු කරන ලෙසත් පාසල් ආරම්භ වන දිනයට පෙර එනම් අද සිටම පාසල් වෙත ගොස් ඒවා සුද්ධ පවිත්‍ර කර ආරක්ෂක සැළසුම් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනිමට කටයුතු කර ගන්නා ලෙසටත් දන්වා තිබුණි.

දැනට සංවර්ධන කටයුතු වලට සම්බන්ධ වි සිටින සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් අතරින් සුළු පිරිසක් එම සංවර්ධන කටයුතු වලට යොදා සෙසු සියලුම පිරිස් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවිමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාට උපදෙස් ලබා දි ඇත. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවර්ධන සහ කෟෂිකර්මාන්ත කටයුතු වලට සම්බන්ධ වි සිටින සිවිල් ආරක්ෂක බළකායේ හය දහසක පිරිසක් අද කොළඹට කැදවා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබා දෙන ලද උපදෙස් මත අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නව ආරක්ෂක වැඩ පිළිවෙළ දියත් කරන බව එම ආරක්ෂක අංශ නිළධාරිහු පවසති.

ඒ අනුව පාසල්වලආරක්ෂාවට යොදවන පිරිස් අතරින් එම පාසල් වල නතර විමට බලාපොරොත්තු වන පිරිස්වලට විදුහල්පති වරුන් සමග සාකච්ජා කර සුළු ඉඩක් ලබා දිමට කටයුතු කරන බව ආරක්ෂක අංශ ප්‍රධානිහු පවසති.

කොළඹ සහ වෙනත් නගරබද පාසල්වලආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් පිට පළාත්වලින් ආරක්ෂක හමුදා සාමාජිකයන් නගරවලට කැදවා ඇති අතර ප්‍රාදේශිය වශයෙන් ඇති පාසල්වල ආරක්ෂාව එම පළාත්වල යුද්ධ හමුදා ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක බළකායේ මෙන්ම පොලිසියේ සාමාජිකයන් විසින් තහවුරු කරනු ලබයි.

මේ වන විට සියලු පාසල් නිවාඩු දි ඇතත් ලබන 06 වැනිදා පාසල් විවෘත කරන දිනය වන විට එම පාසල්වල ආරක්ෂාව සම්පුර්ණයෙන්ම තහවුරු කර තිබිය යුතු බවත් එදිනට පාසල්වල දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මවුපියන්ට හෝ දරුවන්ට කිසිදු බියකින් තොරව අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට සුදුසු ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසටත් ජනාධිපතිවරයා එම ආරක්ෂක ප්‍රධානින්ට උපදෙස් ලබා දි ඇත.

මේ අනුව දිවයිනේ පාසල් දස දහසකට වැඩි ප්‍රමාණයක් ආරක්ෂාව තහවුරු කිරිම පිණිස සියලු ආරක්ෂක අංශ අද සිටම කටයුතු කරනු ලබයි.

මෙහිදි විශේෂයෙන් පාසල් වෑන් රථ සම්බන්ධයෙන්රථවාහන පොලිසිය දැඩි අවධානයක් යොමු කරනු ලබයි. පාසල් දරුවන් රැගෙන යන වෑන් රථ මහ මගදි වාහන තදබදයේ සිරවි ගත කිරිමට ඉඩ නොතබා හැකි ඉක්මණින් ඒවාට පහසුවෙන් ගමන් කිරිමට අවශ්‍ය පියවර ගැනිමට රථවාහන පොලිසිය කටයුතු කරනු ලබන බව රථවාහන පොලිස් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊට අමතරව පාසල් ආරම්භ වන දිනයේ සිට පාසල් වෑන් රථ ආදිය පාසල් ඇරෙන තෙක් පාසල් ආසන්නයේ නතර කර තිබිම තහනම් වෙයි. එම වැන් රථ පාසල් ඇරෙන වේලාව තෙක් එම පාසල්වලට අයත් නගර සභාවේ පිට්ටනිවල ගාල් කර තැබිම පිණිස මේ වන විටත් නගරාධිපති වරු සමග සාකච්ජා කර පියවර ගනිමින් සිටින බවද පවසන අජිත් රෝහණ මහතා පාසල් ළමුන් පාසල් වෑන් රථවලින් බැස්ස විම සහ ගොඩ කර ගැනිම පැසල් ගේට්ටු අසලින්ම සිදු නොකර ගේට්ටුවට නුදුරින් නවත්වා ළමුන් පාසල්වෙත යැවිමටත් කුඩා ළමුන් සම්බන්ධයෙන් එම වෑන්රථවල සිටින සහායකයන් හෝ පාසල්වල ශිෂ්‍ය නායකයන් විසින්ද පොලිසිය විසින් හෝ සිදු කිරිමට පියවර ගැනිමටත් යම් ගේට්ටු අසල ඇති තදබදයඅවම කිරිම පිණිස පාසල්වල ඇති ගේට්ටු කිහිපයකින්ම පාසල් ළමුන් ආරක්ෂා සහිතව පාසල් තුළට ඇතුළු කිරිමටත් දරුවන් පාසලට ඇතුලත් කිරිමෙන් හෝ ඊට පෙර හෝ පසු කිසිදු මවුපියකුට හෝ වැඩිහිටියන් අතුළු කිසිදු පුද්ගලයකුට ගේට්ටු අසල රැදි සිටිමටත් ඉඩ නොලැබෙන පරිදි ආරක්ෂ කටයුතු සිදු කරන බව පවසන අජිත් රෝහණ මහතා පිටේ පොත් බැග් එල්ලාගෙන හෝ නොගෙන පාසල් තුළට ඇතුල් වන සැම සිසු සිසුවියකුගේම අනන්‍යතාවය තහවුරු කිරිමට එම විදුහල්වල වැඩි හිටි සිසුන්ගේ සහාය ලබා දෙන ලෙසට විදුහල්පතිවරුන්ට දැනුම් දිමටත් කටයුතු කර ගෙන යන බව පැවැසීය.

තවද මේ ආකාරයෙන් විදුහල් සහ විශ්ව විද්‍යාල ඇතුළු සියලුම රජයේ හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කිරිමට මේ වන විට සියලු ආරක්ෂක අංශ එකතු වි සුවිශේෂි සැලසුමක් දියත් කර ඇති අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා එම ආරක්ෂක වැඩ පිළිවෙල යටතේ ආරක්ෂක අංශ සාමාජිකයන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *