පාස්කු ඉරිදා ප්‍රහාරයේ රස පරීක්ෂණ වාර්තා කඩිනමින්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විද්‍යාගාර පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදු කෙරමින් පවතින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ පරීක්ෂණවලින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වන තාක්ෂණික වාර්තාවක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

පිපිරීම සඳහා යොදා ගත් රසායනික ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙම පරීක්ෂණ කටයුතුවලින් තහවුරු කර ගැනීමේ හැකියාව පවතී. ඊට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ විදෙස් ජාතිකයින්ගේ ඩී. එන්. ඒ පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමද මේ දිනවල සිදු කෙරේ. අදාළ වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *