ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් තිදෙනා CCD ට භාරයට

(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ ඊයේ(02) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද(03) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අදාළ ලිපි තොගය දිවයින පුරා ඇති විවිධ විහාරස්ථානවලට යොමු කර තිබී ඇත.

කෙසේ‍ වෙතත් ලිපි පිළිබඳ සැක සිතීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් විසින් ඒ බව ‍පොලීසියට දැනුම් දී තිබේ.

අදාළ ලිපි සඳහා ජනාධිපතිවරයාගේ නම ඇතුළත්ව තිබී ඇති අතර ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ හා රාජ්‍ය විරෝධී කරුණු රැසක් සඳහන්ව තිබුනු බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + two =