‘ෆොනී‘ ඔරිස්සා ප්‍රාන්තයට

(කොළඹ, ලංකාපුවත්) – ෆොනී සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල දහස් ගණනක පිරිසක් ආරක්ෂක ස්ථාන වෙත යොමු කර තිබේ.

එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200ක පමණ වේගයකින් අද ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තය දෙසට ළඟාවනු ඇති බව වාර්තා වේ.

ප්‍රධාන වරායන් 2ක් ඇතුළු ආයතන රැසක මෙහෙයුම් අත්හිටුවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

8 ලක්ෂයක පමණ පිරිසක් මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *