පාසල්වලට දැඩි රැකවරණ

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.

සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට, කොට්ඨාස නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට සහ පාසල් ප්‍රධානීන් වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී තිබෙන අතර පාසල් අවට සහ පාසල් තුළ පවත්වාගෙන යා යුතු ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව සවිස්තරාත්මකව උපදෙස් දී තිබේ.

විශේෂයෙන් පාසල් තුළට ශිෂ්‍යයන් පැමිණි පසු ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහි සඳහන් කර ඇති බවත් එහි බලය සම්පූර්ණයෙන් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම පාසැල් ආශ්‍රිතව ආරක්ෂක අංශ විසින් හදිසි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර එහි එක් පියවරක් ලෙස පාසල් අවට වාහන නතර කිරීම තහනම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *