මදූෂ් දිවයිනට – CID භාරයට ගෙන ප්‍රශ්න කිරිම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායිහිදී අත්අඩංගුවට පත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වු මාකඳුරේ මධුෂ් එරටින් පිටුවහල් කර අද (05) දිවයිනට පැමිණි පසු කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන තිබේ.

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් අද අළුයම 5ට පමණ යූ.එල් 226 ගුවන් යානයෙන් කටුනායකගුවන් තොටුපලට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පසුගිය පෙබරවාරි 05වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31දෙනෙකු ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමෙන් පසු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත බන්ධනාගාර ගත කර තිබිණි.

මෙම සාදයට සහභාගිවු පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වෑන් රෝයන් ද සිටි අතර ඔවුන් ද අත්අඩංගුවට පත්වුයේය. අත්අඩංගුවට පත් මදුෂ් ඇතුලු කණ්ඩායම සම්න්ධයෙන් එරට පොලිසිය සිදුකල පරීක්ෂණ අනුව අවස්ථා කිහිපයකදී මොවුන් පිටුවහල් කළ අතර ප්‍රථමයෙන් දිවයිනට පැමිණියේ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *