ඊබ්‍රහිම්ට අයත් දේපළ රාජසන්තක කිරීමට විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – දෙමටගොඩ මහවිල උද්‍යානනයේ පිහිටි ත්‍රස්තවාදී ප්‍රහාර සිදු කළ මියගිය පුද්ගලයින් දෙදෙනාගේ පියා වන මෙරට ප්‍රධාන කුලුබඩු අපනයන කරුවකු වන මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන ඊබ්‍රහිම් මොහොමඩ් නැමැත්තාට අයත් සහ ඔහු සිටි නිවසේ තිබූ රුපියල් එක්කෝටි පහලොස් ලක්ෂයක් පමණ වටිනා දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අද(06) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

එම නිවසේ තිබී අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ සහ මැණික් බවට අනුමාන කරන පාෂාණ වල වටිනාකම පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා අවසර ලබා දුන්නේය.

එම භාණ්ඩ මුදා තබා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දේපල වල සත්‍ය වටිනාකම තහවුරු කරගැනීමෙන් අනතුරුව ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරන බවට මහේස්ත්‍රාත් වරයා හමුවේ දැනුම් දුන්නේය.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =