උල්පිහි – කඩු භාරදීමට තිබූ කාලය පැය 48කින් දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – නිවෙස්වල සහ යම් යම් ස්ථානවල තිබෙන කඩු, කිනිසි, උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත භාරදෙන ලෙසට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කරයි.

ඒ වෙනුවෙන් ලබා දී තිබූ කාලය අද(06) රාත්‍රී 12.00ට අවසන්වීමට තිබුණි. නමුත් එම කාලය අද රාත්‍රී 12.00 සිට තවත් පැය 48කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *