පාස්කු ඉරිදා ප්‍රහාරයේ, ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කල ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද (06) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීමට නියමිතය.

අප්‍රේල් මස 22 වනදා මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කොමිසමක් පත් කරන ලදී.

එහි සභාපතිත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් දරන අතර සෙසු සාමාජිකයන් වන්නේ එන්.කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහත්වරුන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =