බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – අයර්ලන්තය, බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගවලියේ අයර්ලන්තය සමග පැවති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ(05) සමත් විය.

ඒ ලෝක වාර්තාවක්ද අලුත් කරමින් වීම විශේෂත්වයකි.

ඩබ්ලින්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම කඩුලු 03ක් දැවි ලකුණු 381ක් රැස් කළේය.

පළමු කඩුල්ල වෙනුවෙන් ෂායි හෝප් සහ ජෝන් කැම්බෙල් ලකුණු 365ක් සබදතාවක් ගොඩනැගූහ. එය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සදහා කණ්ඩායමක් වාර්තා කළ හොදම සබදතාව ලෙස වාර්තා පොත් අතරට එක් වුණේ 2018 වසරේ පාකිස්තාන කන්ඩායම සිම්බාබයට එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් 304ක් ලබා ගනිමින් පිහිටවු වාර්තාව බිද හෙලමින්ය.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 34යි පන්දු හතරක් අවසානයේදී සියලු දෙනා දැවි රැස් කිරිමට හැකි වුයේ ලකුණු 185ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =