(කොළඹ, ලංකාපුවත්) – මීගමුවේ ඊයේ(05) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදුව ඇති අලාභ හානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සදහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ජාතික ප්‍රතිපත්ති , ආර්ථික කටයුතු , නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හානි පූරණය සදහා වන කාර්යාලය මගින් අලාභ හානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
මේ අතර මීගමුවේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට මුළුමනින්ම පාලනය කර ඇති බව පොලිසිය පැවසීය.