ඩෙංගු මර්දන වැඩසටහන මැයි 08, 09 හා 10 දිනවලදී

(කොළඹ, ලංකාපුවත්) – සැම වසරක ම පවත්වනු ලබන ජාතික ඩෙංගු මර්දන සතිය මෙවර දින තුනකට සීමා කිරීමට තිරණය කර ඇතැයි ඩෙංගු මර්දන විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව මෙවර ජාතික ඩෙංගු මර්දන සතිය මැයි මස 8,9 හා 10 යන දිනවල දිස්ත්‍රික් 18ක පැවැත්විමට කටයුතු යොදා ඇත. මෙවර ත්‍රිවිධ හමුදාව,පොලිසිය හා සිවිල් සේවා බලකාය රටේ පවතින තත්ත්වය හේතුවෙන් සහභාගි කර ගැනිමට නොහැකි විම හෙතුවෙන් ඒ සඳහා ක්ෂේත්‍ර සෙඛ්‍ය නිලධාරින්, සර්වෝදය හා රතු කුරුස නිලධාරින් සහයෝගය දක්වනු ඇත.

මෙහි මූලික අරමුණ වන්නේ වැස්සත් සමඟ ඩෙංගු රෝගය පැතිරිමේ අවධානම වළක්වා ගැනිම හා වසංගත තත්ත්වය දුරු කර ගැනිමයි.

පසුගිය වසරට සාපෙක්ෂව මේ වසරේදි ඩෙංගු රෝගියන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද සදහන් කෙරේ. විශේෂයෙන් නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මාසයේ මැද වින විට දි සක්‍රියවන විට ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් ඇතිවේ. විශේෂයෙන් කොළඔ,ගම්පහ,ගාල්ල,යාපනය,මඩකළපුව සුළු වශයෙන් රෝගින්ගේ වැඩි විමක් දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *