මධූෂ් CID යේ රඳවා ප්‍රශ්න කිරිම තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායි අත්අඩංගුවේ සිට පිටුවහල් කිරිමෙන් පසු ඊයේ (05) දිවයිනට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඉකුත් පෙබරවාරි 05 වැනිදා ඩුබායිහි සංවිධාන කළ සාදයක් අතරතුර මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්විණ.

ඊයේ අලුයම දිවයිනට පැමිණිමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණින.

ඒ අනුව අධිආරක්ෂාව යටතේ ඔහුව කොළඹට රැගෙන ආ අතර මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරිම සිදුවේ. පසුගිය සමයේ සිදුවු අපරාධ සහ ඒවාට සම්බන්ධ හෙලිදරව්වන් රැසක් කර ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *