මීගමුව සුරාසැල් වසා දමන්නැයි අගරදගුරුතුමන්ගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – මීගමුව ප්‍රද්ශයේ සුරාසැල් වසා දමන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියි.

කොළඹ අගරදගුරු නිල නිවසේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ ඊයේ (05) පස්වරුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් සමග යළිත් තිබූ පරිදි ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට මෙය අවැසි බවය.

ඊයේ ඇති ව මෙම කලබලකාරී තත්ත්වය හේතුවෙන් මීගමුව පොලිස් කලාපයට ඇඳිරි නීතිය ද පනවන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *