කළුතරට පැය 12ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(08) පැය දොලහ හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ හෙට (08) පෙරවරු 08.00 සිට රාත්‍රී 08.30 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝඹුවල, මග්ගොන යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. ඊට අමතරව මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =