ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා මැයි මස 21වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයන් වෙමින් අන්තවාදය පැතුරුවැයි කියන සිද්ධියකට අදාළව සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුට එරෙහිව චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති බැවින් අද දින සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණි.

මෙම සැකකරු සන්තකයේ තිබී ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛන සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති බැවින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *