මදූෂ් පරීක්‍ෂණ සදහා පූර්ණ සහාය දෙන බව කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් සිය සම්බන්ධතා, අපරාධ කි‍්‍රයාකාරකම් ඇතුළු ඉල්ලා සිටින සියළු කරුණු හෙළි කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඔහු සම්බන්ධයෙන් සිදු කරන සියලු පරීක්‍ෂණ සදහා පූර්ණ සහාය ලබා දෙන බව ද සදහන් කර ඇත.

ඝාතන සිද්ධි 52කට ආසන්නව ඔහුට එල්ල කර ඇති චෝදනාවලින් බොහෝමයක් සිද්ධි මදූෂ් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ. එසේම මත්ද්‍රව්‍ය ඡාවාරම සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබේ.

ඩුබායිහිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මදූෂ් එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (05) ශී‍්‍ර ලංකාවට පැමිණියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන්තොටුපලේදීය. ඔහුගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *