විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –ෂරියා විශ්වවිද්‍යාලය නැතහොත් මඩකලපුව මණ්ඩපය නමින් හැදින්වෙන කිසිදු ආයතනයකට උපාධි පාඨමාලා පැවැත්වීමට කුමන හෝ සංවිධානයනට බලය පවරා නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධාරණය කරයි.

නැගෙනහිර පළාතේ පුනානි ප්‍රදේශයේ පිහිටා ඇති ෂරියා විශ්වවිද්‍යාලය නැතහොත් මඩකලපු මණ්ඩපය ලෙස හැදින්වෙන සංවිධානයක් සම්බන්ධව පළ වූ පුවත් කිහිපයක් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

1978 විශ්ව විද්‍යාල පනත ප්‍රකාරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් පමණි. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්ය භාරය වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ එම විශ්වවිද්‍යාලවල පරිපාලනය විධිමත් කිරීම යි.

ෂරියා විශ්ව විද්‍යාලය නමින් හැදින්වෙන කිසිදු ආයතනයක උපාධි පාඨමාලා පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවසරයක් ඉල්ලා නොමැති බවත් ඒ සදහා කිසිදු බලයක් ලබා දී නොමැති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *