සැඟවුණු වෙඩික්කරු‘නීරෝ‘ නමින් පරිගණක ක්‍රීඩාවක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් විසඳුම් සැපයුම් සමාගම වන Arimac විසින් ‘නීරෝ’නමින් multi-platform ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක් දියත් කිරීමට සූදානම් වෙයි.

ලොව දක්ෂතම සැඟවුණු වෙඩික්කරුවන් 10 දෙනා අතරට නම් කෙරෙන, කීර්තිමත් රණවිරුවකුවන සැඟවුණු වෙඩික්කරු රංජිත් ප්‍රේමසිරි මහතාගේ චරිතයෙන් ‘නීරෝ’ක්‍රියාන්විතයට නැගෙයි.

ශ්‍රී ලංකාවේ විශාලතම පරිගණක ක්‍රීඩාව ලෙසින් දියත්වීමට නියමිත‘නීරෝ’ශ්‍රී ලංකා පරිගණක ක්‍රීඩා සංවර්ධන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරයි.

කෙසේ වෙතත් මෙහි නිෂ්පාදන කණ්ඩායම පැහැදිළිව දක්වා සිටින පරිදි ‘නීරෝ’ යනුහුදෙක් ප්‍රබන්ධ කතාමාලාවක් තුළින් නැසීගිය යුදවිරුවාට ගෞරවය පිදීමේ අරමුණින් සැකසූවක් මිස යුද්ධය හෝ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ.යට එරෙහි ප්‍රචණ්ඩත්වයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිර්මානය වූවක් නොවූබවයි.

මෙමදියත් කිරීමට සමගාමීව චිත්‍ර කතා පොත් සහ නීරෝ සන්නාම ටීෂර්ට් හා සමරු භාණ්ඩ ඇතුලූ වෙළඳ භාණ්ඩ ගණනාවක් නිකුත් වනු ඇත.

Arimac සමාගමේ අධ්‍යක‍්ෂහා පරිගණක ක්‍රීඩා සංවර්ධන ප්‍රධානී තිළිණ ප්‍රේමසිරි විසින් මෙහෙයවනු ලබන Arimac පරිගණක ක්‍රීඩා නිර්මාණ අංශය සහ මුළින්ම දේශීය දක්ෂතාවන්ගෙන් සමන්විතය.

ක්‍රීඩාවේප්‍රධාන චරිතයවන‘නීරෝ’සතුරන්තමන්ව පරාජය කරන්නට පෙර සතුරන්ව පරදවන්නට නිරවද්‍ය ඉලක්කයක් හඹායමින් සිනමාරූපී වගුරු බිම් හා ඝනකැලෑවන් තුළින් ගමන් කිරීමත් සමඟ විශ්මය ජනක ත්‍රිමාන ගමනක අත්දැකීමක් හා තෘප්තියක් ක්‍රීඩාකරුවන්ට හිමිවේ.

ශ්‍රීලංකාව තවමත් පරිගණක ක්‍රීඩාකර්මාන්තයේ ළදරු අවධියේ පසුවුවත් ගෝලීය පරිගණක ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට එයපත් කිරීමේ අරමුණින් Arimac සමාගම ‘නීරෝ’වෙනුවෙන් රුපියල් මිලියන 30කට අධික ආයෝජනයක් සිදුකරතිබේ.

2016 වසරේදී Arimac විසින් එළිදක්වන ලද ‘කංචායුධ’පරිගණක ක්‍රීඩාවලත් අතිශය සාර්ථකත්වය අනුගමනය කරන්නට ‘නීරෝ’ බලාපොරොත්තුවෙයි. පුරාණ සිංහල අතීතය හා බැඳුනු ‘කංචායුධ’ සංකේතාත්මකදේශීය චරිතයන් හා සිදුවීම් ප්‍රතිනිර්මාණයට ලක්කළඅතර එවකට ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කළ විශාලතම පරිගණක ක්‍රීඩා අතුරින් ප්‍රමුඛස්ථානයක් ලබාගන්නටද එයට හැකියාව ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *