ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඕමාන් රාජ්‍යය සහාය දීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා ඕමාන් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි මහතා අතර හමුවක් පසුගියදා සිදු විය.

ඉකුත් 05 සහ 06 දෙදින තුළ දී එම හමුව ඕමානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව හා ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිතභාවය පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළිබඳව එහිදී දෙරටේ අමාත්‍යවරුන් සාකච්ඡාවක නිරතවී තිබේ. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන් රාජ්‍යය නිරතුරුවම අවශ්‍ය සෑම මොහොතකම උපකාර සිදුකරන බවද මෙහිදී ඕමාන් රාජ්‍ය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පොරොන්දු වී ඇත.

මෙම ඕමාන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරුන්වන රිෂාඩ් බදියුදීන්,මලික් සමරවික්‍රම,කබීර් හෂීම් යන අමාත්‍යවරුන් සහභාගී වී ඇති අතර ඕමාන් රාජ්‍යය වෙනුවෙන් එරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි, ඛනිජ තෙල් අමාත්‍ය ආචාර්යය මොහොමඩ් හමීඩ් අල් රූමි හා ඕමානු රාජය අරමුද‍ල නියෝජනය කරමින් මුල්හාම් අල්ජාබ් ඇතුලු පිරිසක් සහභාගී වී තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *