පාකිස්තානයේ පල්ලියක් අසල පිපිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ ලාහෝර් හි ප්‍රධාන සුෆි මුස්ලිම් දේවස්ථානයක් පිටත සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනකු මිය ගිය බව වාර්තා වේ.

පොලිස් නිලධාරීන් ඇතුළු තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති අතර බලධාරීන් පවසන්නේ මෙහි මූලික ඉලක්කය වන්නට ඇත්තේ පොලිස් වාහනයක් බවයි.

දාතා දර්බර් සුෆි දේවස්ථානය නම් මෙය දකුණු ආසියාවේ පැරණිතම මුස්ලිම් දේවස්ථාන වලින් එකකි. මෙම ප්‍රහාරය පිළිබඳ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් බාර ගෙන නැති අතර පාකිස්තානයේ මුස්ලිම් බහුතරය ඔවුන් ගේ රාමසාන් පූජණීය මාසය ආරම්භ කිරීමත් සමග මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරය සම්පූර්ණයෙන් හෙළා දකින එරට අගමැති ඉම්රාන් ඛාන් තුවාළ ලැබූවන් සඳහා හොඳම වෛද්‍ය ප්‍රතිකාර සපයන ලෙස අදාළ බලධාරීන් වෙත දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *