පාස්කු ඉරිදා ප්‍රහාර සොයා බැලීමේ ජනපති කමිටුවේ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිට

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ඉඩ සැලසුණු තත්ත්වයන් හා වගකීම් පැහැර හැරිම පිළිබඳ සොය බැලීමට පත් පත් කළ විශේෂ පරික්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිවරයාට ඉදිරිපත් කිරිමට නියමිතය.

එම වාර්තාව මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණි.

මෙම කමිටුවේ පළමු අතුරු වාර්තාවක් පසුගිය පළමුවනදා කමිටුව විසින් ජනාධිපතිවරයාහට ලබාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 9 =