සැකකරුවන් සහ චුදිතයින් සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – සැකකරුවන් හෝ චුදිත තැනැත්තන් අවශ්‍ය අවස්ථාවන්හි දී පමණක් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට පිණිස දෙසතියකට වරක් රැඳවියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ නෛතික අවශ්‍යතාවය හේතුවෙන් එම රැඳවියන්, බන්ධනාගාර කාර්ය මණ්ඩලය සහ මහජනතාව සැලකිය යුතු අවදානමකට ලක්වන බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයකිරීම මඟින් ඇමැති මණ්ඩලය එම අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව, විශේෂිත අවස්ථාවන් යටතේ සැකකරුවන් හෝ චූදිත තැනැත්තන් පෞද්ගලිකව අධිකරණයට පැමිණිමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති පනත්කෙටුම්පත ගැසට් කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම මේ අනුව සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *