‘සේනා’ වනසන්න පරපෝෂිත දළඹුවෙක්

(කොළඹ, ලංකාපුවත්) –බඩ ඉරිඟු වගාව ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයන් තුළ පැතිර යන ‘සේනා’ දළඹු වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා සාර්ථක ලෙස භාවිත කළ හැකි පරපෝෂිතයෙකු හඳුන්වා දීමට ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්වී ඇති බව එම ආයතනයේ සහකාර අධ්‍යක්ෂක (පර්යේෂණ) ආචාර්ය කේ.ඒ.එන්.පී බණ්ඩාර මහතා පැවැසීය.

දෙබර විශේෂයක් වන ටෙලනොමස් (telenomous) නැමැති මෙම පරපෝෂිතයින් සේනා දළඹුවන්ගේ බිත්තර මත බිත්තර දැමීමත් සමඟ සේනා දළඹු බිත්තර සියයට 90ක පමණ ප්‍රමාණයකින් විනාශ වන බව මෙම පර්යේෂණ කණ්ඩායම සොයාගෙන තිබේ.

ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය මඟින් සාර්ථක ලෙස අත්හදා බලන ලද ටෙලනොමස් (telenomous) නැමැති බිත්තර පරපෝෂිතයන් ශ්‍රී ලංකාවේ වගාවන් තුළ පළමු වතාවට මුදා හැරීම පසුගියදා රිදීමාලියද්ද පින්නගොල්ල නවනැලිය වෙල්යායේදී සිදු විය. මෙම අවස්ථාවට ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය කේ.ඒ.එන්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාර කණ්ඩායමක් මෙන්ම ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ.එම්.ඩී. අතපත්තු මහත්මිය, මහියංගණ සහකාර කෘෂිකර්ම අධ්‍යයක්ෂ නිලන්ත සරත් කුමාර මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සේනා දළඹුවන් විනාශ කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය කේ.ඒ.එන්.පී. බණ්ඩාර මහතා කියා සිටියේ සේනා දළඹුවාට සමාන එහෙත් සේනා දළඹුවා තරම් වගාවන් සඳහා හානියක් නොකරන දෙබර කුලයට අයත් සත්ත්ව විශේෂයක් මේ සඳහා යොදාගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =