පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට ඇමරිකන් ඩොලර් මිලියන 26ක ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ‘Save the Children’ සංවිධානය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 26ක ප්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළකොට තිබේ.

මේ යටතේ පාසල් දරුවන්ගේ පෝෂණය, සෞඛ්‍ය, සාක්ෂරතා සහ අධ්‍යාපන අංශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති 13ක් ක්‍රියාත්මක කෙරේ. වසර පහක කාලයක් තුළ ක්‍රියාක්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.8ක් පමණ වටිනාකමකින් යුත් උසස් තත්වයේ ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 4220ක් සැපයෙනු ඇත.

මෙයට අමතරව මන්ද පෝෂණය ඉහළ තත්වයක පවතින කිළිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, රත්නපුර දිස්ත්‍රික්කයන්හි පිහිටි පාසල් 887ක අධ්‍යාපනය ලබන සිසුන් 108940ක පමණ පිරිසක් වෙත ඔවුන්ගේ පෝෂණ ඌනතාවය සපුරාලීම සඳහා මෙම ආහාර ලබාදීම කෙරෙහිද අවධානය යොමුකොට තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාක්මක කිරීම සදහා ‘Save the Children’ සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමති මංගල සමරවීර යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *