ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානය ජනපතිගේ නිරික්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් අපේ‍්‍රල් 21 වනදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (08) පස්වරුවේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

දේවස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි ප‍්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් පියතුමා ඇතුළු පියතුමන්ලා විසින් පිළිගනු ලැබීය.

ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් විනාශයට පත් වූ දේවස්ථානය සියැසින් දැකබලා ගත් ජනාධිපතිතුමා නැගෙනහිර ආඥාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේ එහි සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ දේවස්ථානයේ ප‍්‍රධාන පූජකතුමා ඇතුළු පියතුමන්ලාට සහ ප‍්‍රදේශයේ සමස්ත කිතුණු ජනතාව වෙත සිය කණගාටුව පළ කිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානිහු ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 11 =