කතෝලික පාසල් 14වනදා යළි විවෘත කිරීමට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා ලබන 14වන දා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

පාසල්වල ආරක්ෂාව තහුරුවි ඇති බවට ආරක්ෂක අංශ විසින් දෙනු ලබන සහතිකය අනුව එය සිදුවන බවත් අගරදගුරු හිමියන් කියා සිටියේය.

අද(09) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

මේ අතර තවදුටත් කාදිනල් හිමිපාණන් කියා සිටියේ රට තුළ යම් සිද්ධියක් ඇතිවුවහොත් කතෝලික පෞද්ගලික පාසල්වල දෙවන වාරය ආරම්භ කිරිම වෙසක් පොහොය දිනයෙන් පසුව විය හැකි බවයි.

රටේ ආරක්ෂාව තහවුරු වුවහොත් සියලුම දෙවස්ථානවල ඉරිදින දේව මෙහෙයන් පවත් වන බව කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *