කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පළමු දේවමෙහෙය ඊයේ(09) පස්වරුවේ පවත්වනු ලැබීය.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේවමෙහෙය පවත්වා තිබුණි.

මෙම විශේෂ දේවමෙහෙය සඳහා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයිගේ ඥාතීන් හා තුවාල ලැබූ පිරිස් පැමිණ සිටි අතර දේවමෙහෙය දේවස්ථානයෙන් පිටත ස්ථානයක පවත්වා තිබේ.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඊයේ දිනයේ විවෘත කරනු ලැබුවේ දින 18කට පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =