සහරාන්ගේ දියණිය DNA පරික්ෂණයට කොළඹට

(කොළඹ, ලංකාපුවත්) –ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම නියෝගය ලබා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බෝම්බකරුවන්ගේ පවුල්වල ඥාතීන්ට අයත් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න වටිනාකමක් ඇති රන් ආභරණ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාව ලැබී ඇති අතර ඒවා රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − one =