සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව තිබෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී තිබෙන බවත් එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා සෑම පියවරක්ම ගත යුතු බවත් ඊයේ (09) අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අනාගතයේ දී මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට වගබලාගත යුතු බවත් මෙම අන්තවාදී ත්‍රස්තවාදය මෙතනින් අවසන් වනු ඇතැයි අපට බලාපොරොත්තු විය නොහැකි බැවින් විමසිල්ලෙන් සිටීමත්, අන්තවාදය වැළැක්වීමට කටයුතු කිරීමත් රජයේ වගකීම බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ බුද්ධාගම පමණක් නොව අනෙක් ආගම්වලත් සුවිශේෂී වූ අනන්‍යතාවක් තිබෙනවා. මෙරට හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම්වල තිබෙන ශ්‍රී ලාංකික ලක්‍ෂණ නිසා අපට පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති වී තිබෙනවා. එම ලක්‍ෂණ අන්තවාදයට යට කිරීමට ඉඩ නොතැබිය යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =