ඡන්දහිමි ආකෘති පත්‍ර බෙදා හැරීම 15වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) –2019 ඡන්දහිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු ලබන 15 වනදා සිට ආරම්භ කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

ඡන්ද හිමි නාමලේඛන බී ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ජුනි මස පළමුවනදා සිට සිදුකිරීමට නියමිතය.

මේ අතර මෙවර ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍රය සමඟ තවත් ලේඛනයක් ද මහජනතාවට සම්පූර්ණ කිරීම සඳහා ලබාදෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව ආකෘති පත්‍ර රජයට අමතරව ලබාදෙන ලේඛනයේ වයස අවුරුදු 15 සිට 18 දක්වා වූ පිරිස් සම්බන්ධයෙන්ද තොරතුරු ඇතුළත් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *