කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය

(කොළඹ, ලංකාපුවත්) –වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල, රස්නායකපුර සහ කොබෙයිගනේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

අද(13)සවස 02.00 සිට හෙට(14) උදෑසන 04.00 දක්වා එම ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − two =