ත්‍රස්තවාදය පරාජය කිරීමට මාලදිවයින හා ශ්‍රී ලංකාව සහයෝගීව ක්‍රියාකළ යුතුයි – අමෙරිකා තානාපතිනී

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මාලදිවයින හා ශ්‍රී ලංකාව සහයෝගීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා සහ මාලදිවයින් අමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පෙන්වා දෙයි.

ඇය සදහන් කරනුයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සදහා සියලු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර එම සහයෝගීතාවය වැඩි වශයෙන් සිදු විය යුතු බවත් ය.

ටෙප්ලිට්ස් මහත්මිය මේ බව කියා සිටියේ පසුගිය ඉරිදා සවස් කාලයේ දී මාලදිවයිනේ පිහිටි අමෙරිකා තානාපති කාර්යාලයේ සත්කාරකත්වයෙන් පැවැති ඉෆ්තාර් උත්සවය අමතමිනි.

එකට වැඩ කිරීමේ අවශ්‍යතාව ගැන සියලු ජාතීන්ට මතක් කර දෙන මොහොතක් බව ඒ මහත්මිය මෙහිදී කියා සිටියේය. සියලු රටවල් ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාකරන විට ත්‍රස්තවාදයට වඩා ඉදිරියෙන් සිට ත්‍රස්තක්‍රියා මැඩ පැවැත්වීමේ හැකියාව ලැබෙන බව ඇය සදහන් කළේය.

වාර්ගිකත්වය, ආගම හෝ කුමන ජාතියකට අයත් වුවද, සියලු දෙනා එක්වීමේ වටිනාකම ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසක් වන බව ද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + sixteen =