විකිලීක්ස් නිර්මාතෘට එල්ලවන චෝදනා යළි සලකා බලන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව එල්ලවන ලිංගික අපචාර සම්බන්ධ චෝදනා නැවත විමර්ශනයක් සිදුකරන බව ස්වීඩන් නීතීඥවරුන් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් ජූලියන් අසාන්ජ් ඔහුට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර පසුගියදා ස්වීඩන් බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි. ජුලියන් වසර හතක් පමණ කාලයක් ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබමින් පසු විය.

එසේම එක්සත් රාජධානියේ ඇප කොන්දේසි කඩ කිරීම් චෝදනා පිට මේවන විට ජූලියන් අසාන්ජ් සති 50ක කාලයක් සඳහා සිර ගත කොට ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ යුද රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ජූලියන් අසාන්ජ්ට එරටින් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද අමෙරිකා එක්සත් ජනපදය තුළ විභාග වෙමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *