සහරාන් හෂීම් ඉන්දියාවට පැමිණි බවට සාක‍ෂි නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ ප්‍රධානී ලෙස සැලකෙන සහරාන් හෂිම් ඉන්දියාවේ පසුගිය කාල සීමාව තුළ සංචාරය කළ බවට කිසිදු සාක්‍ෂියක් හමුවී නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

බැංගලූර්, කාෂ්මීර සහ කේරළ ප්‍රාන්තවලට ඔහු 2018 වසරේ දී ගොස් ඇති බවත් තමිල්නාඩුව හරහා ඒ සදහා සහරාන් හෂීම් හුවමාරු වූ බවටත් පසුගිය දිනවල මත පළ වී තිබුනි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු ඔස්සේ තවදුරටත් පරීක්‍ෂණ සිදු කෙරෙන බව ද හින්දු පුවත්පතේ සදහන් වේ.

කෙසේ නමුත් ඉන්දියානු වාර්තා අනාවරණය කර ගෙන ඇති තොරතුරු අනුව පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු වූ ඉන්සාෆ් ඊබ්රාහිම් සහ ඉල්හාම් ඊබ්රාහිම් නැමැති ප්‍රහාරකයින් දෙදෙනා 2012 වසරේ දී ව්‍යාපාරික වීසා මත ඉන්දියාවට පැමිණ ඇති බවද වාර්තා වේ. ඔවුනගේ පවුල්වල උදවිය ඉන්දියාව සහ විශේෂයෙන්ම කේරලය සමඟ දිගුකාලීනව වෙළෙඳ සබඳතා පැවැති බවද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් දරුවන් 45ක් ඇතුළු පුද්ගලයින් 250කට අධික පිරිසකට ජීවිත අහිමි විය. එසේම මෙම ප්‍රහාර මාලාව මෙහෙයවූ බවට විශ්වාස කෙරෙන සහරාන් හෂිම් ඇතුළු බෝම්බකරුවන් 09දෙනෙකු මෙන්ම එක් කාන්තාවක් ප්‍රධාන වශයෙන් ප්‍රහාරවලට දායක වූ බවට හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *