දිවයිනටම ‍පැනවු ඇඳිරි නීතිය ​ඉවතට-වයඹට පමණක් තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද(14) අළුයම 4.00 ට අවසන් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවු පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 06.00ට අවසන් වී ඇත.

කෙසේ නමුත් වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසුරිය, හෙට්ටිපොළ, කොබෙයිගනේ සහ රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ(13) පස්වරුවේ සිට පොලිස් ඇඳිරී නිතිය ක්‍රියාත්මක විය.

පසුගිය ඉරිදා (12)කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් කිහිපයකට පහර දුන් බවට වාර්තා වීමත් සමඟ ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් ඊයේ දිනයේ දී මෙලෙස වයඹ පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *