මාගේ එකම දේශපාලනය දෙවියන් වහන්සේයි

(කොළඹ, ලංකාපුවත්) –විවිධ මාධ්‍ය හරහා මේ රටේ සිදුවී ඇති වත්මන් තත්ත්වය සඳහා මා වෙත දේශපාලන වගකීම් පැවරීම සුදුසු යැයි සඳහන් කිරීම විවිධ පුද්ගලයින් මගින් පළවී තිබීම මවිතයට හා කනගාටුවට හේතු වී ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

නිවේදනයක් නිකුත් කරමින් එසේ කී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීය.

මා කතෝලික පූජාප්‍රසාදිතුමෙකු හා රදගුරුතුමෙකු වශයෙන් මගේ අරමුණ හුදෙක් ආධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණි. මම මේ රටට හා ජනතාවට මෙන්ම, අපේ උතුම් වූ සංස්කෘතියට ඉමහත්සේ ආදරය කරමි. එය රැක ගැනීම සඳහා ආධ්‍යාත්මිකව මා හට කළ හැකි යමක් වේද, ඒ සඳහා කැපවීම විනා වෙනත් කිසිම බලාපොරොත්තුවක් නැති බව සහතික කරමි. මාගේ එකම දේශපාලනය දෙවියන් වහන්සේට හා මාගේ ආදරණීය ජනතාවට සේවය කිරීමයි. ඒ සඳහා දේශපාලන න්‍යාය ධර්ම ඉස්මතු කිරීම හෝ යම් පක්ෂයකට සහයෝගය දීමට හෝ දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත් වීමට කිසිම උත්සාහයක් හෝ අභිලාෂයක් නොමැති බව සඳහන් කිරීමට කැමැත්තෙමි. මා කෙරෙහි විශ්වාසය තබමින් ඇතැම් උදවිය කළ ප්‍රකාශ ගැන මම ස්තුති වෙමි. එය එතැනින් නවතිනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *