IMF ණය මු‍ද‍ලේ 05වැනි වාරිකයට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (13) දිනයේ දී ඊට අදාළ අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164යි දශම එකක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය.

තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2016 වසරේ ජුනි මස 03 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහක මුදලක් ලබා දීමට එකඟතාව පල කරනු ලැබීය.

අදාළ ව්‍යාපෘතියේ අවසන් වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා තිබුණි.

කෙසේවෙතත් පසුගිය ජනවාරි මාසයේ මෙරට බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව අදාළ ණය වාරිකය ලබාදීමට එකඟතාව පල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − seven =