සේවා අවශ්‍යතා මත පොලිස් අධිකාරීවරුන් 03කට ස්ථාන මාරු

(කොළඹ, ලංකාපුවත්) – ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු විම් ලබා දී ඇත.

ඒ අනුව කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එල්.එස්.සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාස බාර නිලධාරියා ලෙස පත් කර යවා තිබේ.

මේ අතර, ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරී ඩබ්.එම්.ඒ.ආර් ප්‍රනාන්දු මහතා නුගේගොඩ කොට්ඨාසය වෙතත් මාරු කර යවා ඇතැයි නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *